ඇසැසින්ස් ක්‍රීඩ්(ASSASSINS CREED)පරිගණක ක්‍රීඩාව.
එකොළොස්වන දොළොස්වන සියවස් වලදී මුස්ලිම්වරුන් සහ කිතුනුවන් තම තමන්ගේ ශුද්ධ වූ දේශයක් ගොඩනංවා ගැනීමේ අරමුණින් දරුණු ගැටුමකට අවතීර්ණ වී සිටියහ. මෙම ගැටුම් බොහෝමයක් සිදුවුයේ ජෙරුසෙලම හා ඒ අවට නගරවලය එම ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම්වරුන් විසින් කිතුනු ආගමික නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ඝාතනය කිරිම සදහා විවිධ රහස් ඝාතක කන්ඩායම් නිර්මානය කරගත් අතර එවැනි කල්ලියක සිටි ඇල්ටෙයා නම් සටන්කරුවෙකුගේ ජිවිත කතාව පාදක කොට නිර්මාණය වු පරිගණක ක්‍රීඩාවක් ලෙස "ඇසැසින්ස් ක්‍රීඩ්(Assassin's creed)"
පරිගණක ක්‍රීඩාව හැදින්විය හැක.